Thursday, January 28, 2016

IP Hide කරල Internet යන්න


ඉතින් කොහොමද යාලුවනෙ. ඔන්න අදත් මන් අරගෙන ආව නියම software එකක් ඔයාල වෙත. එකෙ නම ටම IP Hider Pro. මන් අද ලබා දෙන්නෙ එහි අලුත්ම version එක. ඒ කියන්නෙ IP Hider Pro 5.6.0.1  Version එක. මේ මෘදුකාංගය අපිට යොදා ගන්න පුළුවන් Internet යද්දී අපේ IP Address  එක හංගල යන්න. Block කරපු Site වලට යන්න ඔයාලගෙ Blog වල Ads Click  කරන්න එහෙම මේක යොදා ගන්න පුළුවන්. මොන උනත් මේක නිකන් දෙන මෘදුකාංගයක් නෙමේ. නමුත් මන් ඔයාලට ලබා දෙන්නෙ එකෙ crack version එක.

Software එක Install කරගත්තට පස්සේ ඒක Run කරන්න  එපා. Programme  එකෙන් Exit වෙලා Crack Folder එකෙ තියෙන Crack File  එක ඔබ මෘදුකාංගය Install කරපු තැනට Copy කරන්න.එච්චරයි ඊට පස්සෙ ඔයාලට Software එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් පහල තියෙන link එකෙන් Software එක Download කර ගන්නකො.  







Tuesday, January 26, 2016

පිළිකා මර්ධනය කරන විශ්මිත ආහාර

වර්තමානය වන විට අප රට තුල පමණක් නොව ලොව පුරා පවා කතා කිරීමට බිය මාතෘකාවක් ලෙස පිළිකාව පත් වෙමින් පවතිනව. අතීතයේ මෙන් නොව වර්තමනය වන විට පිළිකාවට ගොදුරු වන ජිවිත සංඛ්‍යාවද දිනෙන් දින ඉහල යමින් පවතිනව. මේ සදහා බොහෝ සෙයින් හේතු වන්නේ කාලයත් සමග වෙනස් වන මිනිසුන්ගේ ජීවන හා ආහාර රටා කිවුවොත් මා නිවැරදි. ඉතින් මෙවැනි වකවානුවක පිළිකාව පිළිබද අවබෝදයක් ලබා ගෙන සිටීම, අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වී තිබෙනව.


පිළිකාවක් යනු කුමක්ද?

පිළිකාව යනු, රෝග 100ක් පවා ඉක්මවන රෝග සමුහයකට පවසන පොදු නමකි. විවිධ ආකාර වල පිළිකා පවතිනව, නමුත්  මෙම සියලුම පිළිකා ආරම්භ වෙන්නෙ පාලනයකින් තොර සිදුවන අසාමාන්‍ය සෛල වර්ධනය වීමත් සමගයි. ඒ වගේම නිසි කල්හිදී නියමිත ප්‍රතිකාර නොකෙරුවොත් පිළිකාව මරණයට පවා හේතු වන බව කිව යුතුම කරුණක්.

යම් කෙනෙකුට බියක් පවා ඇති වෙන්න පුළුවන් මෙවැනි කාරණා දකින විට. නමුත් අප සියලු දෙනාට මේ වෙනුවෙන් කල හැකි කාරණාවක් පවතිනව. එනම් අපට හැකියාවක් පවතිනව  පිළිකාවක් වැළදීමට පවතින සම්භාවිතාව අඩු කර ගැනීමට. ඉතින් මෙවැනි තත්වයක් තුල ඒ පිළබද නිසි අවබෝදයක් ලබාගෙන සිටීම ඉතා වැදගත් කරුණක්.

විද්‍යානුකුලව පෙනී ගිය කරුණක් තමා ප්‍රතිඔක්සිකාරක සංයෝග වලට හැකියාවක් පවතින පිළිකා වැළදීමේ සම්භාවිතාවය අඩු කිරීමට. ප්‍රතිඔක්සිකාරක වලට හැකියාවක් පවතිනව, නිදහස් රැඩිකල් ( free radical ) නමින් හදුන්වන අස්ථායි අණු වලින් සෛල වලට ඇති වන හානිය වැලක්වීමට. මෙම free radical වලින් සිදුවන හානිය  හේතු වනව පිළිකා සෛල ඇතිවීමට. මෙම ප්‍රතිඔක්සිකාරක වලින් කරන්නෙ අස්ථාවර නිදහස් රැඩිකල් සංයෝග සමග අන්තර්ක්‍රියා කොට එම අණු ස්ථාවර කිරීම තුලින් සෛල වලට සිදු වන හානිය අවම කිරීමය. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ලෙස විටමින් C (ඇස්කොබික් අම්ලය)විටමින් E දක්වන්න පුළුවන්. මෙම සංයෝග පහසුවෙන්ම අප දේහය තුලට ආහාර මගින් ලබා ගැනීමට හැකියාව පවතිනව.

පිළිකා අවධානම අඩු කර ගත හැකි ආහාර


නිවිති



සමහරවිට ඔබ දන්නව ඇති lutein නමැති ප්‍රතිඔක්සිකාරක සංයෝගය පිලිබදව, මෙම සංයෝගය ඔබගේ ඇස් වල සෞඛ්‍යයට පවා වැදගත් වන සංයෝගයක්. ඒ වගේම මෙය පිළිකා මර්දනය කිරීමට හේතු වන ප්‍රතිඔක්සිකාරක සංයෝගයක්ද වනව. නිවිති වල මෙම lutein සංයෝගය බහුල ආහාරයක් වනව.

 සුදුළුණු



සුදුළුණු වල, අපගේ දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ඩතිය උත්තේජනය කිරීමට හේතු වෙන සල්ෆර් සංයෝග අඩංගු වෙනව. එබැවින් සුදුළුණු ආහාරයට එකතු කිරීම තුලින් දේහය තුල ස්වභාවිකවම ආරක්ෂණ පද්ඩතියක් පිළිකාවට එරෙහිව ඇති වෙනව.

මල්ගෝවා



මල්ගෝවා විටමින් C බහුල ආහාරයක් වනව. විටමින් C යනු ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි. එබැවින් මල්ගෝවා ඔබගේ ආහාරයට එකතු කර ගැනීමෙන්ද පිළිකා අවදානම අඩු කර ගැනීමට හැකියාවක් පවතිනව.

තක්කාලි



තක්කාලි වල රත් පැහැයට හේතු රසායනිකය වන ලයිසොපින් (lycopene) ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වෙනව.එබැවින් ඔබගේ ආහාරයට තත්කාලී එක් කර ගැනීම තුලින් අපට හැකියාවක් පවතිනව පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා ඇති වීමේ අවධානම අවම කර ගැනීමට.

ස්ට්‍රෝබෙරි


ස්ට්‍රෝබෙරි ද ප්‍රබල ප්‍රතිඔක්සිකාරක සංයෝග බහුලව අඩංගු වන ආහාරයක් වෙනව. මෙහි බහුල වශයෙන්ම පවතින්නේ විටමින් C සංයෝගයයි. එබැවින් ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීම තුලින් ද ඔබට පිළිකා වැළදීමේ අවධානම අඩු කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

කැරට්



කැරට්, විටමින් A හා β-කැරොටින් (β-carotene) නම් ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු ආහාරයක් වෙනව. එබැවින් කැරට් තම  ආහාර වේලට එක් කර ගැනීමෙන්ද පිළිකා වැළදීමේ අවධානම අඩු කර ගැනීමට හැකියාවක් පවතිනව. මුඛය, අන්නශ්‍රෝතය, අමාශය ආශ්‍රිතව ඇතිවන පිළිකා මර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී වෙනව.

මෙම ආහාර වලට අමතරව ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු පලතුරු ලෙස පේර, අඹ, මිදි, ඇපල් දක්වන්න පුළුවන්. එමෙන්ම ප්‍රතිඔක්සිකාරක බහුල එළවළු ලෙස බිට්රුට්,ගෝවා, සුරියකාන්ත අල දක්වන්න හැකිය.

මිට අමතරව අමතරව අපි අවධානය යොමු කල යුතු කරනා කිහිපයකුත් තිබෙනව. දුම් පානය කිරීම, පුවක් භාවිතා කිරීම වැනි සාධකත් පිළිකා ඇති වීමට හේතු ලෙස වෛද්‍ය පරීක්ෂණ වලින් පවා අනාවරණය වූ දෙයකි. මිට අමතරව විකිරණ වැනි හේතු සාධකත් පිළිකා ඇති වීම කෙරිහිබලපෑම් ඇති කල හැකිය. එමනිසා නිතරම තම සෞඛ්‍යයට මුල් තැන දී කටයුතු කිරීමටත්, ආහාර ලබා ගැනීමේදී ගුණදායි ආහාර ලබා ගැනීමටත් තමන් වග බල ගත යතුය.


  

ස්වයන්වින්දනය වැරද්දක්ද?

“සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ.....
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බදින රෑ....
යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නෙ.....
යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නෙ.....”

ඔබ මා ඉතා රසවිදින, අසා නොමැති කෙනක් සොයා ගන්නට පවා අපහසු, එඩ්වඩ් ජයකොඩි මහතාගේ මියුරු කටහඩින් ගැයෙන මෙම ගීතයහි නියම අරුත ඔබ දන්නවාද?

ඇත්තටම ස්වයන්වින්දනය වැරද්දක්ද? එය පිළිබද අපි කතා කල යුතුද? එය ඔබේ සෞඛ්‍යයට අයහපත්ද? මෙවැනි ප්‍රශ්ණ ගණනාවක් ඔබට තිබෙන්න පුළුවන්. තව කෙනෙකුට සිතෙන්න පුළුවන් මේ වගේ ලිංගිකත්වය ගැන දේ මෙවැනි මාද්‍යය තුලින් කතා කිරීම සුදුසු නැහැ කියල. අපිට වැරදුන තැන මෙතන කිවුවොත් මා නිවැරදි කියා මට සිතේ. අපේ රටේ ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, ලොව පුරා අංක 1 වැනි ස්ථාන හිමි කර දීමට තරම් දුරක් යන්නට හේතුව ලෙස මා ප්‍රධාන වශයෙන් දකින්නේ ලිංගිකත්වය ගැන ශ්‍රී ලාංකේය ජනයා තුල පවතින නොදැනුවත්කමයි. ඒ තුලින් අනවශ්‍යය ඇති විය නොයුතු කුතුහලයක්, වැරදි ආශාවන්, අත්හදාබැලීම් වැනි දේට සාමාන්‍ය මිනිසෙකු ගමන් කිරීම ස්වාභාවිකවම ඔවුන් තුලට පැමින්නෙනක් කියා මා හට සිතේ.  කෙසේ වෙතත් එවැනි ක්‍රියා අනුමත කිරීමක් මා මෙහිදී පවසන්නේ නෑ. නමුත් අපේ රටේ පවතින මේ ගැටළු නිරකරණය කිරීමට නම් පාසල් අවදියේම දරුවන්ට් නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බවයි මාගේ හැගීම.


දැන් අපි හැරෙමු අපේ අද මාතෘකාවට. ඇත්තටම ස්වයන්වින්දනය වැරද්දක්ද? මාගේ පිළිතුර නම් “ නෑ “ යන්නයි. ස්වයන්වින්දනය යනු “නව යොවුන් වියට පැමිණෙන නව යොවුන් තරුණ තරුණියන් ගේ ද්විත්යික ලිංගික ලක්‍ෂණ වර්දනය වීමත් සමග ඔවුන්ට ඇතිවෙන ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනීමට රහසේම සිදුවන ලිංගික ක්‍රියාවක්” කියා හැදින්වුවොත් මා නිවරැදි යයි මා හට හැගේ.ස්වයන්වින්දනයේදී සිදුවන්නේ තම ලිංගික අවයවයන් ස්පර්ශ කිරීම තුලින් සුරාන්තයට පත්වීමයි. ඒ වගේම මෙය එක් පාර්ශවයකට පමණක් ඇතිවෙන තත්වයකුත් නෙමේ. නමුත් සමාජීය, සංසුකෘතික බලපෑම මත මෙය ස්ත්‍රී, පුරුෂයන් අතර විව්දත්වයක් දක්වන්න හැකියාවක් පවතිනව. නමුත් ඇත්ත වශයෙන්ම කියනව නම් මෙය වෛද්‍ය විද්‍යාවට අනුකුලව සාමාන්‍යය නිරෝගී මනුෂ්‍යකුට ඇති විය හැකි, ඇති වෙන තත්වයක්. සමීක්ෂණ වාර්තා වලට අනුව පෙනී යන කරුණක් තමයි පිරිමින්ගෙන් 90% ක්ද ගැහැණුන්ගෙන් 70% ක්ද යන සම්භාවිතාවක් ස්වයන්වින්දනය යෙදෙනවා යන්න.කාන්තාවන්ගේ මතයක් පවතිනවා ස්වයන්වින්දනය කිරීම තුලින් තම කන්‍යාභාවයට හානි වනවා කියා. ඒ වගේම සමහර කාන්තවන් ඔවුන්ට ස්වයන්වින්දය කල හැකි බව නොදනී. මෙවැනි වූ කාරණාත් සාමාජිය බලපෑමුත් හේතු කොට ගෙන තමා මෙම ප්‍රතිශතයන් දෙක අතර වෙනසක් දක්නට ලැබෙන්නෙ.

විද්‍යාත්මකව ගත් කල ස්වයනවින්දනය යනු වැරදි කරුණක් නෙමේ. නමුත් පුද්ගලයගෙන් පුද්ගලයට මෙය පිළිබද දරන ආකල්ප වෙනස් වන්නට පුළුවන්. බොහෝ අයට පවතින ගැටළු තමයි කොපමණ වරක් දිනකට ස්වයන්වින්දනය කල හැකිද ? අනවශ්‍ය ලෙස ස්වයන්වින්දනය කලහොත් හානි වෙනවාද කියන ගැටළු. විද්‍යානුකුලව නම් එහෙම කිසිම ගැටළුවක් නැහැ. ඇත්තටම එය ඔබගේ තීරණයක් ඔබ එම ක්‍රියාව කොපමණ කරනවද කියා.  නමුත් ගැටලුව පැමිණෙන්නෙ ශාරීරික පැත්තෙන් නොවේ. සමාජීය හා මානසික පැත්තෙන්.මොකද  ඔබ විවාහකයෙක් නම් ඔබ අනවශ්‍ය ලෙස ස්වයන්වින්දනය කිරීමට පෙළබීම තුලින් ඔබ සහ  ඔබගේ සහකරු හෝ සහකාරිය සමග පවතින ලිංගික සම්බන්ධතාවයට ගැටළු පැන නැගිය හැකිය. මෙය ඔබගේ පවුල් ජීවිතයට පවා  බලපෑම් කල හැකි ප්‍රශ්නයක් විය හැක. මෙවැනි තත්වයක් පැන නැගුණොත්, ඔබට එය පාලනය කර ගත නොහැකි මට්ටමට දිව ගියොත් මාගේ උපදෙස නම් ඔබ වෛද්‍ය උපදෙස් යොමු වීම සිදු කල යුතු යන්නයි.

ස්වයන්වින්දනය වින්දනය තුලින් ඔබට සෞඛ්‍යයම වශයෙන් වාසි පවා පවතිනව කිවුවොත් ඔබ පුදුම වෙන්නත් පුළුවන්. ඔබගේ මනසේ පවතින ආතතියන් පහ කිරීමට ස්වයන්වින්දනය හේතු වනව.එය තුලින් ඔබට සුව නින්දක් ලබා ගැනීමට පහසු වෙනව. ඒ වගේම ස්වයන්වින්දනය වින්දනය උපකාරී වෙනව පුරහ්ථථීක ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා ඇති වීමට ඇති හැකියාව අඩු කිරීමට.මෞත්‍ර ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව, රෝග වලට හේතු වන විෂ (Toxin) ඇති වීමට හැකියාවක් පවතිනව. ස්වයන්වින්දනය ඔබට උපකාරී වනව එම විෂ ද්‍රව්‍ය දේහයෙන් ඉවත් කිරීමට. ඒ වගේම ස්වයන්වින්දනය ඔබගේ දේහයේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමටද බලපාන බවත් විද්‍යාත්මක පරීක්‍ෂණ වලින් සොයාගෙන තිබෙනවා. ස්වයන්වින්දනයදී සිදුවන විසර්ජනයේදී කොටිසෝල් (cortisol) හෝමෝනය නිදහස් වනව. මෙය ආතතියට බලපාන හෝමෝනයක් නමුත් ඉතාමත් සුළු ප්‍රමාණයක් තමා ස්‍රාවය වෙන්නෙ. මෙය උපකාරී වෙනව ඔබගේ දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට. ඒ වගේම ස්වයන්වින්දය අනවශ්‍යය ගැබ් ගැනීම් පවා නවත්වාලීමට හේතුවක් වෙනව. බොහෝ දෙනෙකුට මෙය නොතේරෙන කාරණයක්. තමන් යුග දිවියකට පිවිසීමට පෙර තමන්ට කිසිදු ලිංගික අවශ්‍යතාවක් පැන නොනැගුනා යයි කෙනෙක් පවසනවා නම් එය විහිළුවකි. ඕනෑම පුද්ගලයකුට මෙවැනි අවශ්‍යතා ඇති වීම සාමාන්‍ය දෙයකි. එහිදී එම අවශ්‍යතාවයන් හානියක් නොවෙන්න සපුරාගැනීමට ස්වාභාවිකවම ඇති වුනු ක්‍රියාවලියක් ලෙස ද ස්වයන්වින්දය හැදින්විය හැකිය.

මේ ආකාරයට ගත් කල ඔබට පවා පෙනී යනු ඇත මෙය බිය විය යුතු අමුතු කාරණාවක් නොවන බව. මෙය සම්බන්ද පවතින මිත්‍යා කතා වන ඇග කෙට්ටු වීම , ඇස් පෙනීම දුර්වල වීම වැනි කතා කිසිදු විද්‍යාත්මක පදනක් නොමැති දේය. අවසාන වශයෙන් පවසන්නට තිබෙන්නෙ ස්වයන්වින්දනය යනු හානියක් නොමැති ස්වභාවික ක්‍රියාවක් යන්නය.
  
ඔබගේ අදහස් දක්වන්නත් අමතක කරන්නත් එපා........ 



මේ වගේම තවත් වෙනස්ම මාතෘකාවක් යටතේ  ඔබ හමුවෙන  බලාපොරොත්තුවෙන් මා අද ලිපිය නිම කරනව........

5 Things woman should know before going to 1st time sex



ඔබ කාන්තාවක් නම් ඔබේ පළමු ලිංගික එක්වීමේදී හෝ නව පුරුෂයකු සමග එක් වෙන පළමු ලිංගික ඇසුරේදී සැලකිලිමත් විය යුතු කරුණු 

කාන්තාවක් නම් ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කරුණු කිහිපයකි මෙය. ඔබ මෙම කරුණු අනුගමය කල හොත් ඔබගේ ප්‍රථම මංගල රාත්‍රිය අමතක නොවන රාත්‍රියක් කර ගැනීමටත් ඔබ ලිංගිකව ඇසුරු කරන විට එය වේදනාවක් නොවී, එහි උපරිම තෘප්තියට ලගාවීමටත්  විය හැකි බව ඔබටම තේරේවි..

1. ඕනෑම දෙයක් කිරීමට ප්‍රථමයෙන් ආරක්ෂාව ගැන සැලකිල්මත් වෙන එක සාමාන්‍ය දෙයක් නෙ. ඒක ඔබගේ ලිංගික එක්වීමේදීත් අදාලයි ,ආරක්ෂාව ප්‍රථමයෙන්.ඇත්තම කතා කලොත් අපිට 100% ආරක්ෂාකාරී ලිංගික එක් වීමක් බලාපොරොත්තු විය නොහැකිය.නමුත් ආරක්ෂා විය යුතු සැලකිල්මත් විය යුතු කරුණුත් තිබෙනවා. පළමුව ඔබට දරු ගැබක් අවශ්‍ය නොවේ නම් ඔබ සැලකිල්මත් විය යුතුයි පිරිමි තැනැත්තා ලිංගික ආවරණයක් ( condom ) පැලද සිටිනවාද යන්න ( ඔබ උපත් පාලන පෙති ලබා ගෙන ඇති විටදී පවා ).ඒ වගේම අනිවාර්යෙන්ම ඔබ එම පුද්ගලයා සමග ඔහුගේ ලිංගක ඉතිහාසය පිළිබද කතා කිරීමටත් එය පිළිබද නිසි අවබෝදයෙන් සිටීමටත් වග බලා ගැනීම අනිවාර්ය වේ.මෙයින් පෙනී යන්නේ එම පුද්ගලයා ඉතාමත් විශ්වාසවන්ත පුද්ගලයකු විය යුතු බවයි.මෙය සමහරවිට ඉතා අපහසු දෙයක් කියල ඔබට සිතෙන්න පුළුවන්. නමුත් ඔබ දැන ගත යුතු කරුණක් තියෙනව .එනම්, විෂමලිංගික කාන්තවන්ට ,පුරුෂයන්ට වඩා ලිංගාශ්‍රිතව බෝවන රෝග ( ලිංගිකව අසාදනය වන රෝග ) වැලදීමේ වැඩි අවදානමක් පවතිනව .ඉතින් ඒ නිසා ඔබගේ ලිංගික සෞක්‍ය නිසියාකාරව පවත්වාගෙන යාමටත් එහි නිසි පළ නෙලා ගැනීමේ වගකීමත් තිබෙන්නෙ ඔබේ අතේ කිවුවොත් නිවැරදි.


2. ඉහල බලාපොරොත්තු මුලින්ම ඇති කර ගන්නත් එපා.මොකද ලිංගිකත්වය කියන්නෙ පුද්ගලයන් දෙදෙනෙකු හදුනා ගැනීම සහ ඔවුන් දෙදෙනාගේ ශරීර අතර සුවපහසු සමබන්දතා පැවැත්වීමයි.කෙට්යෙන්ම කියුවොත් එක පුද්ගලයෙක්ගෙ ශරීරයක ඇසුරට විශේෂයෙන් කැමති වීම. ඉතින් මනසෙ පීඩනයක් හදා ගන්න එපා මෙය ඔබගේ හොදම රාත්‍රිය (ලිංගික එක් වීම) කරගන්න ඕන කියලා.මොකද මෙය ඔබේ පටන්ගැන්ම පමනයි එනම් ගොඩකින් පළමු අවස්ථාවයි.ඉති දෙදෙනා ඉතා හොදින් හදුනා ගැනීම තමයි ගොඩක් වෙලාවට වෙන්නෙ.

 3. ලිංගිකව එක් වීමේදී හොදින් හුස්ම ගත යුතයි .මොකද ඔබේ පළමු ලිංගික ඇසුර ඉතා නොසන්සුන්කාරී හා ස්නායු-බිදිය හැක, සදහන් කරන්න තරම් දෙයක් නොවුනත් යාම තරමක වේදනාවක් දැනිම්ටත් හැකිය. දිගු , ගැබුරු හුස්ම ගැනීම තුලින් ඔබව ලිහිල් කිරීමටත් , ඔබට පහසුවක් දැනිමටත් හැකියාව ඇත.

 4. හාදු බුක්ති විදීමටත් අමතක කරන්න එපා.මොකද ඒ සංසර්ගයේදී. -සිප ගැනීම, ස්පර්ශ කිරීම, මුඛ සංසර්ගය - යන මේවත් ලිංගික අත්දැකිමේම කොටස් වෙන නිසා.මොකද එය විනවිද යාම පමණක් නොවන නිසා.

 5. නිතරම ඔහුත් සමග කතා කරන්න. ඔහුට කියන්න ඔහු කල හොද හා ඔබට දැනෙන විදිය.ඒ වගේම නොදැනෙන දේත් ඔහුට දැනුම් දෙන්න.මොකද පිරිම කෙනා හැම වෙලේම කැමති ප්‍රතිචාර වලට ඔබෙන් ලැබෙන.ඒ නිසා ඒ පිළිබද ඔහුත් සමග කතා කිරීමට ලජ්ජා වෙන්න එපා.
 මෙහි සදහන් දේට අමතරව ඉතා විශාල කරුණු රාශියක් තිබෙනවා ඔබ දැනගත යුතු මේ සමබන්දව .ඔබට අවශ්‍ය නම් ඉතා හොද සම්බන්දත්වයක් පවත්වා ගැනීමට ආරක්ෂාව,ආදරය,පිරිසිදු කම ඒ වගේම් අදහස් තේරුම් ගැනීම වගේ සාදකත් අදාල වෙනවා.

Principles of Food Chemistry





http://www.mediafire.com/view/m8bw2itn0xx0rt6/Principles_of_Food_Chemistry__3rd_Edition_%5B1%5D_pdf_tsid_20070508-081642-18ebeaf.pdf

Traffic monsoon

Tags

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම - 01 


( Trafficmonsoon )

අද මන් මගේ පළමු ,අන්තර් ජලයෙන් මුදල් සෙවීම පිළිබද ලියන ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ Traffic monsoon PTC site එක පිලිබදවයි.

ඇත්තටම කිවුවොත් මේක PTC site වලින් තියෙන සල්ලි උල්පතක්. ඒ වගේම මෙම වෙබ් අඩවිය ගොඩක් විශ්වසදායී.ඔයාල මහන්සි වෙලා මේකේ නියැලිලා වැඩ කලොත් ඔයාලට මාසෙකට අවම වශයෙන් $50 ක් පමණ උපයන්න පුළුවන්.
මුලින්ම මම කියන්නම් මේක මොන වගේ site එකක්ද කියල. හුගක් අය හිතන්නෙ මේ site එක ads click කරන PTC site එකක් සහ traffic exchange කරන site එකක් කියල. ඒත් ඇත්ත කතාව නම් trafficmonsoon කියන්නේ සල්ලි ආකාරයක් හොයාගන්න පුළුවන් Revenue Share site එකක්. ඊට අමතරව මේක ඔයාල දන්න සාමාන්‍ය PTC site එකක් වගේ හරි Traffic Exchange Site එකක් හරි වගේ වැඩ කරලා දවසකට ලොකු ගානක් හොයා ගන්නත් පුළුවන්. අපි වැඩ කරන අනිත් sites වලට Direct referrals ලා හොයාගන්නත් මේක හොද site එකක්. මේක අනිත් PTC site වල වගේ නෙමෙයි දිනකට $0.01 ,$0.02 Ads 7-10ක් වගේ එනව .Ads click කරලා විතරක් දවසට $0.3 (Rs. 40) හොයන්න පුළුවන් තනියම.ඒ වගේම 100% ref Commisson ඒ කියන්නෙ අපි ගන්න හැම refferel කෙනෙක්ගෙන්ම දිනකට $0.3 (Rs. 40) වගේ ලැබෙනවා. ඒ කියන්නේ අපි refferels ල 10ක් හොයා ගත්තොත් දිනකට $2 ක් විතර හොයන්න පුළුවන්.
එතකොට ඔයාල refferals ල 100 ක් වගේ හොයාගත්තොත් මාසෙකට රුපියල් 30,000 ක් විතර හොයාගන්න පුළුවන්.
දැක්කනේ ගොඩක් සරලයි කරන්න තියෙන්න refferals ල හොයා ගන්න එක තමා.එකට මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් නම් ඔයාලත් ගොඩ තමා.
ඒ වගේම මේකේ දවසට දෙපාරක් ads එනව උදේ 6-10 අතර එකපාරක් සහ උදේ 10න් පස්සේ එකපාරක් ads click කරන්න පුළුවන්. referrals ලගෙනුත් ඒ ගැනම හොයා ගන්න පුළුවන්.
OK ! එහෙනම් දැන්ම Register වෙන්න. අහ් තව දෙයක් මේක register වෙද්දී සහ මේකට log වෙද්දී Google Chrome browser එක use කරන්න ඒ වගේම Hutch, Airtel Sim මේ වැඩේට සෙට් වෙන් නෑ .Dialog , Mobitel හෝ Etisalat Sim එකක් කරන්න. Hutch /Airtel Sim එකක් ගහල log වුනු ගමන් සමහර වෙලාවට “BLOCKED ACCOUNT” කියල වැටෙයි එහෙම වැටුන කියල බය වෙන්න එපා sim එක මාරු කරපු ගමන් හරි යනවා.
පහතින් තියෙන link එකෙන්  register වෙන්න පුළුවන් .
https://trafficmonsoon.com/?ref=sandun1994 
Register වීමට මෙතන click කරන්න 

(ඔයලට පුළුවන් නම් මන් ඔය දාල තියෙන ref link එකෙන්ම register වෙන්න.එකෙන් ඔයාලට කිසම පාඩුවක් වෙන් නෑ.අනික මන් මගේ හැම ref කෙනෙක්ටම මේ වැඩේට ඕන වෙලාවක උදවු කරනවා.)

දැන් ඔයාලට පුළුවන් page එකට sign up වෙන්න.


එවිට අයදුම්පතක් ලැබේ. සියලුම තොරතුරු දෙන්න.



Username එකට ඔයා මේ site එකට use කරන්න කැමති .(eg:chamith123).දැන් ඔයාලගෙන් අහනව code එකක්.ඔයාලට කැමති අංක පහක් දෙන්න (ඔයාල දෙන code එක කොහේ හරි ලියා ගන්න.මොකද සල්ලි ගන්නකොට මේක අවශ්‍ය වෙනවා.නැවතත් එම code එක දෙන්න.ඔබ කැමති පස්ස්වොර්ඩ් එකක් නැවතත් .

ඔයාලට සල්ලි ගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් අවශ්‍ය වෙනවා. ඔයාලට තියෙනවනම් ඒවගෙ ලිපිනය අදාල ස්ථානවලට දමන්න.(payza email,solid trust payuser,paypal email)


ඊළගට i understood ලෙස සදහන් ස්ථානයට හරියක් දමන්න.ඉන්පසුව i'm not robbot යන්න click කර අදාල වචනය දී verify කරන්න.ඉන්පසු proceed බොත්තම click කරන්න.


ඔන්න දැන් ඔයාලගේ email එකට link එකක් ඇවිත් ඇති.

ඒ link එකෙන් ඔයාලට පුළුවන් පිවිසෙන්න .ඉන්පසුව කරන්න තියෙන්නේ ඔයාලගේ username එකයි password සදහන් කරලා proceed ඔබන්න.
දැන් ඔයාලගේ account එක active .දැන් පිටුවේ වෙලාවක් අඩුවෙයි.... ඒක ඉවර වෙනකන් ඉන්න.

ඊට පසුව back to dashboard click කරන්න.දැන් ඔයාගේ ගිණුමට යයි. 

ඔයාල register වුනු පලවෙනි දවසෙම ads ලබෙන් නෑ .හැබැයි ads නෑ කියල වැඩේ අතාරින්න නම් එපා.එක වෙන්නේ පලවෙනි දවසේ විතරයි

Share Up To 110 % - 10% Affiliate Program

Tea History Of Sri Lanka



Tea is often thought of as being a quintessentially British drink, and 
we have been drinking it for over 350 years. But in fact the history of tea goes much further back.

The story of tea begins in China. According to legend, in 2737 BC, the Chinese emperor Shen Nung was sitting beneath a tree while his servant boiled drinking water, when some leaves from the tree blew into the water. Shen Nung, a renowned herbalist, decided to try the infusion that his servant had accidentally created. The tree was a Camellia sinensis, and the resulting drink was what we now call tea.
It’s very difficult to trust this story without any proof. But anyway tea was originated from China.



It was as far back as the year 1824 in which the British brought a tea plant from China to Ceylon (as Sri Lanka was known at the time). It was planted in the Royal Botanical Gardens, Peradeniya and is considered to have been the first non-commercial tea plant in Sri Lanka.
   After nearly two decades in 1867, James Taylor, Scottish by origin, planted 19 acres of tea in the city of Kandy in Ceylon, at the Loolecondra Estate as the first commercial tea plantation. The eventual sale of Loolecondra teas resulted in 1872, in Kandy and the first tea consignment to London in 1873. These pioneering efforts were done by trial and error and improved over the years via the introduction and improvement of tea processing machines and methods, by different individuals and companies.
The first broking firm John Brothers & Co. was established in 1876 and the first public Colombo auction took place in 1883 under the guidance of the Ceylon Chamber of Commerce (which was established in 1839). The Colombo Tea Traders' Association was formed in 1894 and in 1925 the Tea Research Institute was established. These organizations helped boost the production and export of Ceylon Teas in its early stages.

Milestones
·         One million tea packets sold at Chicago World's Fair - 1893
·         The prohibition of export of poor quality teas - 1932,
·         Ceylon as world's largest tea exporter for first time - 1965
·         Establishment of the Sri Lanka Tea Board - 1976)
·         Export of Tea Bags – 1976
·         Export of Green Tea – 1982
·         Abolition of Tea Export Duty and Ad Valorem Tax- 1992
·         Establishment of Tea Research Board - 1992)
·         Ceylon tea production exceeds 300,000 metric tons – 2000





   






Loocondera State 

Wednesday, January 13, 2016

Green Tea ගැන ඔබ නොදත් කරුණු

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුල ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වුනු පානයක් ලෙස Green Tea පානය දැක්විය හැකිය. බොහෝ වෙලාවට අපි Green Tea ගැන දන්නේ වෙළද නම් වලින්. ඒ වගේම, ඒ පිළිබද අවබෝදයක් තියෙන්නෙත්  වෙළද ප්‍රචාරණ දැන්වීම් වල තිබෙන දේ ගැන  පමණයි. බොහෝ අය (විශේෂයෙන් කාන්තාවන්) Green Tea බාවිතා  කරන්නෙ  තම සිරුරේ හැඩය පවත්වා ගැනීමට. නමුත් ඔබ   නොදන්නා කරුණු රැසක්  මේ  Green Tea පානයත් සමග තිබෙනවා කිවුවොත් මා නිවැරදි.
මොකක්ද මේ Green Tea කියන්නෙ? Green Tea සදහා ලබා ගන්නෙත්, ඔයාල පානය කරන සාමාන්‍ය තේ කෝප්පයකට තේ ලබාගන්නා තේ ශාකයේ තේ පත්‍ර ම තමා (Camellia sinensis). එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් අපි බොන සාමාන්‍ය තේ කොප්පයකයි Green Tea Cup of Tea එකකයි වෙනස මොකක්ද ? කියල. ප්‍රශ්නෙට උත්තරේ තමා මෙම තේ වර්ග දෙක වෙනස් වෙන්නෙ ඒ කියන්නෙ Green Tea අනිත් තේ වලින් වෙනස් වෙන්නෙ එය නිපදවන ක්‍රියාවලිය මතයි.තේ කර්මාන්ත ශාලාවේදීඅනික් තේ නිපදවන ආකාරයට නෙමේ  Green Tea  නිපදවන්නේ.සරල වශයෙන් කියනවනම් තේ කොළ ඇබරීමෙන් පසු අනිත් තේ වර්ග නිෂ්පාදනයේදී  මෙන් ඇබරූ තේ පත්‍ර ඔක්සිකරණය (fermentation) වීමට කාලයක් Green Tea නිෂ්පාදනයේදී ලබා දෙන්නේ නෑ.කොහොම උනත් Green Tea නිෂ්පාදන ක්‍රියාවලිය ගැන විශාල වශයෙන් මන් අද කතා කිරීමට බලාපොරොත්තු වෙන් නැ. මොකද එය වෙනම කතාකලයුතු විශාල විෂය පරාසයක් නිසා. දැන් ඔයාලට දල වශයෙන් අවබෝදයක් ඇති සාමාන්‍යයෙන්  අපි බොන තේ කොප්පයකුයි Green Tea එකකුයි වෙනස් වෙන්නෙ කොහොමද කියන එක ගැන.
දැන් මන් ඔයාලට කියන්න යන්නෙ ඇයි අපි Green Tea බොන්නෙ කියන දේ ගැන. ඒ කියන්නෙ Green Tea පානය කිරීම තුලින් අපිට ඇති වෙන වාසි මොනවද කියල. Green Tea වලින් අපිට ලැබෙන වාසි වලට ප්‍රදාන වශයෙන් හේතු වෙන්නෙ තේ පත්‍ර තුල පවතින “Polyphenol” සහ “catechin සංයෝග වර්ගයි.

 සැහැල්ලු සිරුරකට 



 

“Green Tea ඔබගේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වේගය ඉහල නංවනව. ඒ වගේම Green Tea වල අඩංගු Polyphenols , ඔබේ සිරුරේ මේදය ඔක්සිකරණ මට්ටම සහ ඔබ ගන්නා අහාර, කැලරි වලට පරිවර්තනය කරන වේගය තීව්ර කිරීමට කටුයුතු කරවනව. ශරීරයේ ඇති මේදය (විශේෂයෙන් උදර ප්‍රදේශයේ)  අඩු කිරීමටද Green Tea හේතු වෙනව.එනම ඔබේ ශරීරයේ බර අඩු වීමට Green Tea හේතු වෙනව.නවතම පරීක්‍ෂණ වලින් හෙළි වී තිබෙන අන්දමට  Green Tea සමග ලුණු ස්වල්පයක් ගැනීම එහි ප්‍රතිපල ඉහල නැංවීමට හේතු වෙන බව පවසා තිබෙනවා (including research at Penn State's College of Agricultural Sciences).


දියවැඩියා පාලනයට



Green Tea, ඔබ ආහාර ගත් පසු රුදිර ග්ලූකෝස් මට්ටම ඉහල නැගීම මන්දගාමී කිරීම තුලින් රුදිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරනව. එමගින් ඉන්සියුලින් අදික කරල් භාවිතය හා එමගින් ඇති වෙන ලිපිඩ තැන්පත් වීම අඩු  කරනව.

  හෘද රෝග සදහා



Green Tea වල තිබෙන සංයෝග රුධිර නාල බිත්ති මත ක්‍රියා කරනව, එය රුධිර නාල ලිහිල්ව තබා ගැනීමට උපකාරී වන අතර ඒ තුලින් රුධිර පීඩන වෙනස් වීම් හොදින් දර ගැනීමට ඇති හැකියාව රුධිර නාල වලට ලැබෙනව. එමෙන්ම මෙමගින් රුධිර කැටි (cause to heart attacks) ඇතිවීමේ හැකියාවද අඩුකරනු ලබනව.

නිරෝගිමත් දත් පෙළක් සදහා 



Green Tea වලට බැක්ටීරියා මැරීමට හැකියාවක් තිබෙනව. එමෙන්ම Green Tea පානය කිරීම තුලින් ඔබගේ දන්ත සෞක්‍යය ඉහල නැංවීමටත්, දන්ත රෝග ඇතිවීමට ඇති අවදානමත් අඩු කරනු ලබනව. විද්‍යාත්මක පරීක්ෂණ වලින් ලැබුණු කරුණු අනුව පෙනී යන්නෙ Green Tea වලට බැක්ටීරියා මැරීමේ හැකියාවට අමතරව ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස වැලක්වීමට හැකියාවක් ඇතියි යන්නය. බොහෝ වෙලාවට මෙම කරනා වලට හේතු වන්නෙ Green Tea පවතින “catechin” කියන රසායනික සංයෝගයයි. ඒ වගේම දත් දිරායාමට හේතු වන බැක්ටීරියාවක් වන Streptococcus mutans වලක්වාලීමට හැකියාවක්ද Green Tea වල ඇති catechin සංයෝගයට පවතිනව. එනම් Green Tea පානය කිරීම ඔබේ දන්ත සෞක්‍යය හොදින් පවත්වා ගැනීමට ඉවහල් වෙනව.


    කොලෙස්ටරෝල් පාලනයට 



Green Tea රුධිරයේ පවතින අයහපත් කොලෙස්ටරෝල් අඩු කරන අතර රුධිරයේ යහපත් කොලෙස්ටරෝල්:අයහපත් කොලෙස්ටරෝල් අනුපාතය වැඩිදියුණු කරනු ලබනව.


Alzheimer’s and Parkinson’s රෝග සදහා



Green Tea ඔබේ මොලයේ සෛල මිය යාමට ඇති හැකියාව අඩු කරනු ලබන අතර හානි වූ සෛල නැවත පිහිටුවීමට උපකාරී වෙනව. Green Tea වල ඇති catechin සංයෝගය මෙහිදී වැඩි කාර්යබාරයක් ඉටු කරනව.

මොලයේ ක්‍රියාකාරිත්වයට 



Green Tea වල තියෙන සංයෝග වලට හැකියාවක් පවතිනව ඔබගේ මොලයේ ක්‍රියාකාරිත්වය ඉහල නංවන්නට. මෙයට හේතු වන ප්‍රදාන සංයෝගය වන්නේද catechin සංයෝගයයි. එයට හේතු වන්නේ එම සංයෝගය සතුව පවතින උත්තේජක (stimulant) ගුණයයි.

 අධික රුධිර පිඩනයට 


ඔබ දිනපතා Green Tea පානය කරන පුද්ගලයෙක් නම් ඔබට අධික රුධිර පීඩනය ඇති වීමේ අවදානම අඩු වෙනව.


විෂාදයට 


Theanin යනු ස්වාභාවිකවම තේ පත්‍ර වල පවතින ඇමයිනෝ අම්ල සංයෝගයකි.Green Tea පානය කිරීම තුලින් ඔබව නිස්කලංක වීමටත්, ඔබේ මනසට සැහැල්ලු බවක් දැනිමටත් හේතුව වන්නේ Green Tea වල මේ පවතින Theanin නම් සංයෝගයයි.


  මුව සත්කාර සදහා



Green Tea පානය ඔබට, ඔබේ මුහුණේ සමේ රැලි වැටීම් අඩු කිරීමටත් වයසට යාමේදී ඔබේ මුහුණේ ඇතිවෙන සලකුණු අඩු කිරීමටත් උපකාරී වනව. මේ සදහා හේතු වෙන්නෙ Green Tea වල පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය සහ ප්‍රතිදහන ක්‍රියාකාරකම් සදහා දක්වන දායකත්වයයි.සත්වයින් සහ මිනිසුන් යොදා ගනිමින් කරන අධ්‍යයන වලින් ලැබුණු ප්‍රතිපල අනුව පෙනී යන්නේ Green Tea පානය කිරීම, හිරු රශ්මිය මගින් ඔබේ සමට සිදුවන හානිය අවම කිරීමට හේතු වන බවයි.

පිළිකා අවදානම අඩු කිරීමට


Green Tea වල පවතින ප්‍රතිඔක්සිකාරක සංයෝග නිසා, ඔබ Green Tea භාවිතා කරන්නෙක් නම් ඔබට විවිධ වර්ග වල පිළිකා වැළදීමට ඇති අවදානම අඩු වෙනව. ශරීරය තුල සිදුවන ඔක්සිකාරක ප්‍රතික්‍රියා තමයි බහුල වශයෙන් පිළිකා ඇති වීමට දායක වෙන්නෙ. Green Tea කියන්නෙ ඉතා ප්‍රබල ප්‍රතිඔක්සිකාරක අඩංගු පානයක්. මෙම නිසා පානය තුලින් ඔබට පිළිකා ඇතිවීමේ අවදානම ඉතාමත් අඩු කරනු ලබනව. හැබැයි තේ සමග කිරි එකතු කරනවානම් එය මගී තේ වල පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය අඩු කරනු ලබනව, ඉතින් වඩාත් හොද ප්‍රතිපලයක් ලබා ගැනීමට නම් ඔබට සිදු වෙනව Green Tea කිරි නොයොදා පානය කිරීමට.

මොන හොද දෙයක් උනත් හැමෝම දන්න දෙයක් තමා “ඕනම දෙයක් ඕනවට වඩා ඕනේ නෑ” කියන දේ.Green Tea වලටත් මෙය අදාල වනව. මෙච්චර ප්‍රයෝජන තියෙනවා කියල Green Tea හැමවෙලේම බොන්න ගියොත් ඔයාලට වැඩේ වරදින්න පුළුවන්.අර කතාවටත් කියනවනේ වැඩි තණ්හාව හොද නෑ කියල.

Green Tea වලට හැකියාව පවතිනව ඔබේ සිරුරේ යකඩ අවශෝෂණය සහ ෆෝලික් අම්ල අවශෝෂණය අඩු කිරීමට. ඉතින් Green Tea පානය කිරීමට හොදම වෙලාව තමා ඔයාගේ කෑම වේල් දෙකක් අතර කාලය තුල ලබා ගැනීම. Green Tea කෑම වේලකට අඩංගු කර ගන්න එක නුවණට හුරු කාරණයක් නෙමේ යාලුවනෙ. කෑමෙන් පසු පැය 1-2 අතර Green Tea පානය කිරීම තුලින් ඔබේ පෝෂ්‍ය පදාර්ථ හොදින් අවශෝෂණය කර ගැනීමට ඇති හැකියාව අඩු වෙනව.


දිනකට තේ කෝප්ප 5ක් පමණ පානය කිරීමට  යෝග්‍යය බව තමා පරීක්‍ෂණ වලින් හෙළි වෙලා තිබෙන්නෙ.


comment එකක් දාලම යන්න යාලුවනෙ.................