Password- www.ananmananlokayaweb.com
Home
Archives for 2016
Saturday, December 10, 2016
සිංහල Font 500ක්
Password- www.ananmananlokayaweb.com
Sunday, December 4, 2016
වීඩියෝ convert කරන්න නියම software එකක්
ඔන්න කාලෙකට පස්සෙ අරගෙන ආව software එකක් හැමෝටම වැදගත් වෙනව කියල හිතපු.මේකෙ නම තමයි "HD Video Converter Factory Pro". මේකෙන් අපිට හැකියාව ලැබෙනව ගොඩක් වීඩියෝ අඩු size එකකට convert කරගන්න. ඒවගේම ඉතාම ඉහල quality එකකට. ඉතින් මේ software එක නිකන් ලබාදෙන එකක් එහෙම නෙමේ. ඒ හින්ද මේ තියෙන්නෙ එකේ crack කරපු එක. ඔයාලට කරන්න තියෙන්නෙ මේක තියෙන WonderFox.HD.Video.Converter.Factory.Pro.9.4.exe file එක මුලින්ම install කරල ඊට පස්සෙ crack කියන .rar file එක extract කරල එකෙ තියෙන Se001.ini file එක පහල තියෙන තැනට copy කරන්න. ගැටළු මොනව හරි තියෙනවනම් පහලින් comment එකක් දාන්න. පහල link එකෙන් ඔයාලට පුළුවන් software download කරගන්න.
මෙතනට crack file එක copy කරන්න:
for Windows XP: C:\Documents and Settings\All Users\Documents\HD Video Converter Factory Pro
for Windows vista, Windows 7 and Windows 8: C:\Users\USERNAME\Documents\WonderFox Soft\HD Video Converter Factory Pro
password- www.ananmananlokayaweb.com
මෙතනට crack file එක copy කරන්න:
for Windows XP: C:\Documents and Settings\All Users\Documents\HD Video Converter Factory Pro
for Windows vista, Windows 7 and Windows 8: C:\Users\USERNAME\Documents\WonderFox Soft\HD Video Converter Factory Pro
password- www.ananmananlokayaweb.com
Saturday, December 3, 2016
Sunday, August 14, 2016
Saturday, August 13, 2016
Thursday, August 11, 2016
Monday, August 8, 2016
Breast Milk Hand Expression Lesson
Diterbitkan 11:12 PM
පියයුරු නිවැරදිව සම්භාහනය කිරීම සහ අමතර කිරි ඉවත් කිරීමේ ක්‍රම
අද වන විට ගොඩක් කාන්තාවන්ට ඇති වන ගැටළුවක් තමා පියයුරු පිළිකා ඇතිවීම. මේ සදහා විවිද හේතු බලපානව. නුසුදුසු රුපලාවන්‍ය ක්‍රම, ඉතා තද යට ඇදුම් නිතරම භාවිත කිරීම, අහාර පුරුදු, පවුල් සම්භවයෙන් පැමිණීම. පියයුරු පිළිකා යනු අනෙක් පිළිකා මෙන් නොව මුලින්ම සොයා ගත්තොත් සුව කරගත හැකි රෝගයකි. නමුත් එහිදී ඔබට ඔබගේ පියයුරු ඉවත් කිරීමට බොහෝවිට සිදුවනු ඇත. ඉතින් හොදම දේ තමා පියයුරු පිළිකා වැළදීමෙන් වැලකි සිටීමටය. ඒ සදහා එක් අවධානය යොමු කල යුතු ක්‍රමයක් තමා අද දැනුවත් කරන්න යන්නෙ.
පියයුරු පිළිකා ඇතිවීමට තවත් එක් හේතුවක් තමා ක්ෂීර ග්‍රන්ථි වල කිරි කැටි ගැසීම. සාමාන්‍යයෙන් ක්ෂීර ග්‍රන්ථි වල කිරි ඉතුරු වෙනව. මේම කිරි කැටි ගැසුණු පසු ඉවත් කිරීම ඉතා අපහසු ක්‍රියාවකි. දරුවාට හැකියාවක් නැහැ සියලුම කිරි පානය කිරීමට. ඉතින් ඔබට සිදු වනව එම කිරි ඉවත් කිරීමට දරුවාට කිරි දුන් පසු. නැතහොත් එම කිරි කැටි ගැසී වේදනාවක් ඇතිවීමටත් පසු කලක පියයුරු පිළිකා ඇතිවීමටත් ඇති අවදානමත් වැඩි වනව. ඉතින් මේ සදහා නිවැරදිව කිරි ඉවත් කරන විදිය ගැන පහත ඇති වීඩියෝ දෙක හරහා ඔබට ඉගෙන ගත හැක. පළමු විඩියොවෙන් ඔබට පෙන්වන්නෙ කෙසේද සම්භාහනය මගින් පියයුරු උත්තේජනය කරගන්නෙ කෙසේද කියා. දෙවැනි විඩියොවෙන් ක්ෂිරය ඉවත් කරගන්න ආකාරය ඉදිරිපත් කරයි. මෙය අධ්‍යාපනික වීඩියෝ පාඩමක් වුවත් අවුරුදු 18 ට අඩු අය නැරඹීමෙන් වලකින්න කියා ඉල්ලනව.
Thursday, August 4, 2016
Saturday, July 9, 2016
The World Dangerous 25 Selfies EVER
ජංගම දුරකතනයේ සහ කැමරාවේ විදුවුණු සීග්‍ර දියුණුවත් සමඟ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පවා වෙනස් වී තිබෙනව. ඉතින් වර්තමානයේ එවැනි ලෙස ඇති වුනු දෙයක් ලෙස selfie චායාරුප නැතහොත් තමන් විසින් තමන්ව චයරුපයට නගන චායාරුප හැදින්විය හැකිය. මෙම සම්ප්‍රදායය මිනිසුන් අතර බෙහෙවින් ප්‍රසිද්ධ වන්න හේතුව ජංගම දුරකථන වල සීග්‍ර දියුණුවයි. කෙසේ නමුත් මෙය කොතරම් පිස්සුවක් වෙලා තිබෙනවාද කිවුවොත් selfie චායාරුප මිනිසුන් තැනක් නොතැනක් නොබලා ගන්න උත්සහ කරනව. ඉතින් මෙහි තිබෙන්නෙ එවැනි ලෙසම ලබාගත් ඉතාම ලොව ඉතාම භයානක selfie 10 යි. ඔයාලත් බලන්නකො මේ වගේ දේවල් නම් කරන්න උත්සහ කරන්නවත් එපා ඔයාල . මේවගේ අමුතු අමුතු වීඩියෝ ලිපි ඔබට අපි ඉදිරියේත් ලබා දෙන්නම්කො. ඉතින් එතකන් අනංමනං ලෝකය සමඟ රැදී ඉන්න.
Monday, June 27, 2016
How to Use Female Condom
Diterbitkan 9:37 PM
ලිංගික සංසර්ගයක් සිදු කිරීමේදී අනවශ ගැබ් ගැනීම් වලක්විමට බොහෝ දෙනා විවිධ උපත් පාලන ක්‍රම භාවිතා කරනව. මින් ප්‍රධාන ක්‍රම තමා උපත් පාලන පෙති, උපත් පාලන කොපු (condoms), ඒ වගේම ස්වභාවික ක්‍රමය.නමුත් ලිංගික රෝග වැළදීමෙන් ආරක්‍ෂා වීමත් සලකල බැලුවොත් වඩාත්ම සාර්ථක ක්‍රමය වන්නෙ condom භාවිතා කිරීමය. නමුත් බොහෝ දෙනා නොදන්නා කරුණක් තමා condom වර්ග දෙකක් තිබෙන බව.ඉතින් කාන්තාවකට වඩාත්ම සුදුසු මෙම කුමන වර්ගයද?
පුරුෂ උපත්පාලන කොපු මෙන්ම කාන්තා උපත් පාලන කොපු ද ගැබ් ගැනීමෙන් වැලකි සිටීමට උපකාරී වනව.නමුත් බොහෝ දෙනා දන්නෙ මෙය කෙසේද භාවිතා කරන්නෙ කියා.
උපත් පාලනය
සාර්ථක උපත් පාලනයක් හරි ලිංගික ආරක්ෂාව (safe sex) සලකල බැලුවොත් පිරිමි උපත් පාලන කොපු තමයි. විසදුම. නමුත් කාන්තා උපත් පාලන කොපු වලටද ඒ වගේම හැකියාවක් මෙන්ම භාවිතයේදී කාන්තාවට වඩාත් සුවපහසුවක් අත්කරදීමට හැකියාවක් පවතිනව.
මොකක්ද මේ කාන්තා උපත් පාලන කොපුවක් කියන්නෙ?
මෙම උපත් පාලන කොපුව කුඩා පොලිතින් උරයක් වැනිය. ඒ වගේම එය උපකාරී වනව ලිංගික බෝවන රෝග ඇති වීමේ අවදානම අඩු කිරීමටත්, අනවශ්‍ය ගැබ් ගැනීම වලක්විමටත්.
එයට මොන වගේ පෙනුමක්ද තියෙන්නෙ?
දෙපැත්තෙන්ම මුදු වැනි රවුම් දෙකක් පවතින කුඩා මල්ලකි. එහි එක මුදුවක් විවුර්තව පවතින විට අනික් පසෙහි ඇති මුදුව වැසි පවතිව. ලිංගික සංසර්ගයට පෙර එය ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ඇතුලත් කල යුත්තේ විවුර්ත පසෙහි ඇති මුදුව යෝනි විවරයෙන් පිටතට පවතින ලෙසය. එවිට යෝනිය ඇතුලත පවතින මුදුව මගින්, කුඩා මල්ල වැනි කොටසට ඉඩ ලබාදෙනවා සංසර්ගයේදී දේහයට අනුව හැඩගැසීමට.
කොහමද එය ක්‍රියා කරන්නෙ?
කාන්තා උපත් පාලන කොපු මඟින් උපකාරී වනව එය භාවිත කරන කාන්තාවට ලිංගිකව බෝවන රෝග වලින් ආරක්‍ෂා වීමට සහ අනවශ්‍ය දරු ගැබ් ගැනීම් වැලැක්වීම සදහාත්.
එය භාවිතා කරන්න පහසුද?
කාන්තා උපත් පාලන කොපු, පුරුෂ උපත් පාලන කොපු තරම් භාවිතා කිරීමට පහසු නැ. නමුත් කිහිප විටක් භාවිත කරන විට ඔබට එය ඉබේම පහසු වෙයි. අමුත්තක් දැනුනත් පළමුව භාවිතා කරන කිහිප විටක පසුව කාන්තා කොන්ඩම් භාවිතය ඉතාමත් පහසු බව ඔබටම හැගේවි.
සාර්ථකත්වය
එය නිවැරදිව භාවිතා කරනව නම් කාන්තා උපත් පාලන කොපු තමයි අනවශ්‍ය ගැබ් ගැනීම වැලක්වීමට සාර්ථකම විසදුම. ඒවගේම එහි අසාර්ථක වීමේ ප්‍රතිශතය 5% කටත් වඩා අඩු මට්ටමකයි පවතින්නෙ. එය පුරුෂ කොපුවක 10% වැනි අගයක් ගන්නවාය.
Wednesday, June 22, 2016
Mount Everest ISN'T the highest mountain in the world
Diterbitkan 11:05 AM
ඇත්තටම ලොව උසම කන්ද එවරස්ට් ද ?
අද මන් පල කරන ලිපිය වෙනස්ම වූ මාතෘකාවක් පදනම් කරගෙන තමා ලියන්නෙ. එය නම් ලොව උසම කන්ද පිලිබඳවය. ඔබ මා කුඩා කල සිටම පාසලේදී මෙන්ම සෑම තැනකදීම ඇසුන දෙයක් තමා ලොව උසම කන්ද නේපාලයේ පිහිටි එවරස්ට් කන්ද කියා. නමුත් විද්‍යඥයන්ගෙ නවතම සොයා ගැනීම් වලට අනුව ලොව උසම කන්දට හිමි ස්ථානය එවරස්ට් කන්දට අහිමි වී තිබෙනව. ඒ කියන්නෙ පෘතුවියේ උසම තැන නැතහොත් අභ්‍යවකාශයට පෘතුවියේ වඩාත්ම ලඟ ස්ථානය, එවරස්ට් කඳු මුදුන නොවන බවට විද්‍යඥයන් සොයාගෙන තිබෙනව.
එසේ නම් මොකක්ද ලොව උසම ස්ථානය ? සමකයට වඩාත්ම ආසන්නව පිහිටි, ඉක්වදෝරයේ පිහිටි චිම්බොරාසෝ (Chimborazo) කන්දෙහි මුදුනු තමා, සොයා ගෙන ඇති අන්දමටම පෘතුවියේ උසම ස්ථානය. නමුත් මුහුදු මට්ටමේ සිට උස බැලුවොත් එවරස්ට් කන්ද මීටර් 8,848 ක් උසයි. ඒවගේම චිම්බොරාසෝ කන්ද රැගෙන බැලුවොත් එය මුහුදු මට්ටමේ සිට උස මිටර් 6,268 කි. එසේ නම් කොහොමද එවරස්ට් කන්ද මිටි වන්නෙ.
Saturday, June 18, 2016
How to gain weight in ten days
Diterbitkan 10:10 PM
ඔබ බලාපොරොත්තු වනව නම් දින දහයකින් ඔබගේ දේහයේ බර වැඩි කරගන්න, එය තවදුරටත් සිහිනයක් නොවේ. එය සිදු කර ගැනීමට හැකි දෙයකි. ඔබ සැවොම දන්නව වගේ දේහ බර වැඩි කර ගැනීම දේහ බර අඩු කර ගැනීම තරම් අපහසු නැත. කල යුත්තෙ නිසි කළමනාකරණයක් ඇතුව නිසියාකාරව ක්‍රියා කිරීමය. බොහෝ පුද්ගලයන් කියනව මොකක් හරි හදා ගෙන බිව්වම බර වැඩි වෙනව කියල. ඒක බොරුවක්. ඔබට සිද්ද වෙනව ඔබගේ සෑම ක්‍රියාකාරකමක් ගැනම අවධානය යොමු කරගන්න. ඇත්තටම කැපකිරීමක් අවශ්‍යවෙනවා ඔබගේත්.
කොහොමද මෙය සිදු කරන්නෙ?
ඔබගේ කෑම වේල් වලට අවධානය යොමු කරන්න. කැලරි අධික හා පෝෂ්‍යපධාර්ථ අධික අහාර එමෙන්ම සන්තෘප්ත මේදය අඩු, සිනි අඩු අහාර තෝර ගත යුතු වනව. යොදය ඉවත් කල කිරි, ධාන්‍ය, බඩඉරිගු, අල වර්ග, කැලරි අධික අහාර වන කෙසෙල් හා ප්‍රෝටීන් සහ පෝෂ්‍යපධාර්ථ අධික කවුපි වැනි අහාර ඔබ නිතරම භාවිත කල යුතු වනව, එනම් ඔබගේ අහාර වේල් වලට එකතු කරගත යුතු වනව.
ඔබ ගන්නා අහාර පහසුවෙන්ම ඔබගේ දේහ බර වැඩි කිරීමට පමණක් යෙදෙවෙන්න කටයුතු කරන්න
ඔබට ඔබගේ දේහයේ බර දින දහයකින් වැඩි කරගන්න අවශ්‍ය නම්, ඔබට සිදු වනව අවම වශයෙන් කැලරි 500ක් දිනකදී දේහය තුලට ලබා ගැනීමට. ඉතින් කොහොමද මේක කරන්නෙ? ඔබට සිදු වෙනව ඔබගේ කෑම වේලෙ ප්‍රමාණය වැඩි කරන්න. ප්‍රමාණය දෙගුණ කරන්න හැකියාවක් තියෙනව නම් ගොඩක් වටිනව. අඩුම තරමෙ ගන්න අහාරවේල වගේ භාගෙකින් වත් අලුත් අහාර වේල වැඩි විය යුතු වනව. ඒ වගේම ඔබ පරිභෝජනය කල යුතු වන්නෙ ඔබගේ කැලරි අවශ්‍යතාවය සපුරන අහාරයන්ය. නැත්නම් කොපමණ අහාර ගත්තත් වැඩක් වෙන්නෙ නැහැ. ඔය ගොඩක් අය කියන්නෙ කොච්චර කෑවත් වැඩක් නෑ කියල. දැන් තේරෙනව නේද ඇයි කියල ඒ. පිෂ්ඨය අධික ප්‍රෝටීන් අධික අහාර නිතරම භාවිත කරන්න.
අහාර වගේම තමා ඔබ ලබාගන්න පානයන්ද වැදගත් වනව ඔබට දින දහයකින් දේහ බර වැඩි කර ගැනීමට අවශ්‍ය නම්. පලතුරු බිම, මේද රහිත කිරි, ශක්තිජනක පානයන් වැනි සුලභව භාවිතා කරන පානයන්, අහාර වේල් වලට අමතරව ලබා ගන්න.
නින්දට යාමට සුළු මොහොතකට කලින් ආහාරයක් ලබන්න
මේ මොහොත තමා ඔබගේ දේහයේ පරිවෘත්තීයක්‍රියා වේගය සැලකිය යුතු මට්ටමින් අඩු වන වෙලාව. එම නිසා මෙහිදී ආහාරයක් ලබා ගැනීමෙන් දේහ බර වැඩි වීමට වැඩි හැකියාවක් පවතිනව. මොකද ලබා ගන්න ආහාරය නැතහොත් කැලරි දහනය වීමේ වේගය අඩු වන නිසා.
ඒ වගේම ව්‍යායාම කිරීමද වැදගත් වනව ඔබට දේහ බර දින දහයකින් වැනි සුළු කාලයකින් වැඩි කරගැනීමට අවශ්‍ය නම් . එවැනි කල යුතු ව්‍යායාම වර්ග කිහිපයක චයාරූප පහතින් දක්වල තිබෙනව.
කෙසේ නමුත් දේහ බර වැඩි කර ගන්නට කියල සෞඛ්‍යයට අහිතකර අහාර පුරුදු ඇතිකර ගන්න හදන්න එපා. කොලෙස්ටරෝල්, සීනි වගේ දේවල් ඉහල යන්න පුළුවන් එවැනි දේ සිදු කලොත්. ඒ නිසා හැකි තරම් උත්සහ කරන්න ස්වභාවික අහාර භාවිතයට.
Tuesday, April 26, 2016
Magician Kills His Wife
මැජික් යනු ඔබ මා සැවොම කැමති ඉතා සිත් ඇදගන්නා සුළු අංගයකි. නමුත් සමහර මැජික් අංග වල කරන දේවල් දුටුවම ඇඟ කිලිපොලා යන අංගත් පවතිනව. කෙසේ නමුත් මැජික් කියන්නෙ ඇස් බැන්දුමක්නෙ. ඔබ දැන් නැරඹීමට යන වීඩියෝ පටයේ තිබෙන්නෙ එලෙස සිඳු කරන ඇස්බැන්දුමක් වැරදුනු අයුරුයි. මෙහිදී තම ස්වාමිපුර්ෂයා විසින්ම තම බිරිඳගෙ ගෙල කපාදමනවා. සංවේදී අය මෙම වීඩියෝ පටය බලන විට සැලකිලිමත් වෙන්න.
Sunday, April 24, 2016
Sri Lankan Actresses Images
එදා මෙන්ම අදත් නළු නිළියන් ඉතා ප්‍රියතාවයක් දක්වනව චයාරුපකරණයට. විශේෂයෙන් නිළියන් තුල වැඩි කැමැත්තක් රුචිකත්වයක් මේ සඳහා තිබෙනව. ඒ ඒවා සඳහා ඇති ඉල්ලුම නිසාත් ඔවුන්ගේ ජනප්‍රියතාව ගොඩනගා ගැනීමට එමඟින් ඉතා පිටුවහලක් ලැබෙන නිසාත්ය. එවැනි වූ අප රටෙහි නිළියන්ගෙ ඉතාම සරාගී චයරුප කිහිපයක එකතුවක් පහතින් ඔබට දැක ගැනීමට හැකි වේ. ඔබම සංසන්දනය කර බලන්නකො අප රටෙහි නිළියන් අඳ වන විට අනෙක් රට වල නිළියන්ට සාපේක්ෂව කොපමණ සරාගිද කියා.
Saturday, April 23, 2016
නදීශා නැවතත් සිල් බිඳ ගෙනද?
ඉකුත් දින වල ඉතා ජනප්‍රිය වුනු ඒ වගේම ඉතා ආන්දෝලනාත්මක කතාබහක් ඇති වූ ගීතයක් බවට, නදීශා හේමමාලි රංගනශිල්පිය රංගනයෙන් දායක වූ "මම සිල් බිඳ ගත්තේ" ගීතය පත් විය. එයට ප්‍රධානම හේතුව වුයේ එම ගීතයෙහි රූපරචනාව තුල ඇති අගේ සරාගී රංගනයයි. විවිධ පුදගලයන් එය හේතුකොට ගෙන එම ගීතයටත් ඇයටත් විවිධ විවේචන එල්ල කරන්නට විය. එලෙස තත්වය පවතිද්දී නැවතත් ඇය කතා බහට පැමිණ තිබෙනව. ඒ, ඈ සමඟ එම ගීතයෙහි රූපරචනාවහි රගපෑ රංගනශිල්පියාත් සමඟ ඇය ලබා ගත් සරාගී චයාරුප කිහිපයක් නැවත අන්තර්ජාලයට නිකුත් වීමත් සමඟය. එම චයරුප නැරඹීමට පහලින් පිවිසෙන්න.
Tuesday, April 19, 2016
Food Colors
Diterbitkan 9:55 PM
අහාර වර්ණක
පෙර ලිපියේ සඳහන් කල පරිදි , එම ලිපියේ ඉතිරි කොටස තමා මා අද ඉදිරිපත් කිරීමට යන්නේ.පෙර ලිපිය ඔබ කියවා ඇත්නම් ඔබට යම් අවබෝදයක් ඇති මොනවද මේ අහාර ආකලන (food additives) කියන්නෙ යන්න පිළිබඳව. ඒ වගේම E අංක පිළිබඳවත්. එම ලිපිය කියවා නොමැති නම් මෙතනින් එම ලිපිය කියවන්න >>> Food Additives .
E අංක පිළබඳ නැවත පොඩි අවබෝදයක් ලබා දෙන්නම්. සුරක්ෂිතතා පරීක්ෂණයකට භාජනය වුනු යුරෝපා එකමුතුව (European Union-EU) විසින් අනුමත කරන ලද අහාර ආකලන වලට ලබා දී ඇති නිර්දේශ අංක තමා මේ E අංක කියන්නෙ. මෙම E අංක අදාල ආකාලනයට අනන්‍ය වූ අංකයකි. අහාර ආකලන කියන්නෙ අහාර නිෂ්පාදනයේදී එයට බාහිරින් යොදන ද්‍රව්‍යයන් වලටයි. ඉතින් එම ලිපියෙන් මා ඔබට පැහැදිලි කරනු ලැබුවේ මෙම ආහාර ආකලන පිලිබඳ අවබෝදයක් ලබා සිටීම කොපමණ වැදගත් ද යන්න පිළිබඳවයි. අද මා ඔබට පැහැදිලි කිරීමට යන්නෙ කුඩා දරුවන්ට අහාර ලබාදීමේදී සැලකිලිමත් විය යුතු ආහාරවල අඩංගු අහාර ආකලන වර්ග කිහිපයක් පිළිබඳවයි. මෙම අහාර ආකලන ඔබගේ දරුවා ගන්න අහාර වල අඩංගු වේ නම් එය ගැටළු කාරී විය හැකිය. ඔබගේ දරුවා අතික්‍රියාශීලි ලක්ෂණ පෙන්වනවා නම් සොයා බලන්න දරුවා ගන්නා අහාර වල පහත සඳහන් අහාර වර්ණක තිබෙනවාද කියා,
- sunset yellow (E110)
- quinolin yellow (E104)
- carmoisine (E122)
- allura red (E129)
- tartrazine (E102)
- ponceau 4R (E124)
මෙම වර්ණක ලැයිස්තුව ඉදිරිපත් කරන ලද්දේ අහාර ප්‍රමිති ඒජන්සිය (FSA) විසිනි.
Monday, April 4, 2016
Food Additives
Diterbitkan 11:30 PM
කෘතීම අහාර
ලෝකයේ නවතම ප්‍රවණතාවය “මියයන මින්සුන්ගෙන් 60% ක් මියයන්නේ බෝ නොවන රෝග නිසයි”. මිනිසුන්ගේ අධික කාර්යබහුලත්වයත් සමඟ ඔවුනුවුන් පුරුදු වී තිබෙනව ක්‍ෂණික අහාර නැතහොත් කෘතීම අහාර ලබාගැනීමට. ඒ වගේම රුපවාහිනී රේඩියෝ වැනි මාද්‍ය වලින් ලබාදෙන ප්‍රචාරණය හේතුවෙන්ද මෙම අහාර මිනිසුන් අතර අද වන විට ජනප්‍රිය වී තිබෙනව. නමුත් මේවා ස්වභාවික අහාර මෙන් නොවේ, කෘතිමව නිපදවන ලද රසායනික සංයෝග තමා බහුලවම අඩංගු වන්නෙ. ඔබ නිකමට කල්පනා කරල බලන්න ඔබ මෙවැනි කෘතීම අහාර කොපමණක් දිනකට දේහය තුලට දමාගන්නවාද කියල. නොදැනුවත්වම ඔබ පානය කරන කිරිපිටි එකේ ඉදන් ඔබ ලබා ගන්නේ කෘතීම රසායනික සංයෝග අඩංගු ආහාරයි. අපි දැන් අහාර කියන දේ අමතක කරමුකෝ. හරි ඔබ දිනකට ලබාගන්න අහාර වල රසායනික සංයෝග ටික අපි වෙන් කරල ගමු, දැන් ඒ වෙන් කරගත්ත ටික දිනපතා පරිභෝජනය කරමු. ඔබ කැමතිද? ඔබ මම නම් මම නම් ටිකක් නෙමේ ගොඩක් බිය වෙනව ඒ දේ කිරීමට. එසේ නම් අපි මේ මොනවද දේහය තුලට දාගන්නෙ කියන දේ පිලිබඳ අවබෝදය වර්තමානය වන විට කුඩා මැදි මහලු යන ඕනෑම වයසක සිටින පුද්ලයකුට වැදගත් දෙයක් බවට පත් වී තිබෙනව. වර්තමානය වනවිට පිළිකා ව කියන දේ හිස ඔසවන්නත් මෙවැනි දේ හේතු වනව නිසැකය.
අහාර ආකලන (food additives) යනු විවිධ හේතුන් නිසා ආහාරයට බාහිරින් යොදන ද්‍රව්‍යයන් (ingredients) වේ- උදාහරණ, අහාර කල්තබා ගැනීමට.
එතකොට මොනාද මේ E අංක (E number) නැතහොත් INS (International Numbering System) අංක කියන්නෙ? සුරක්ෂිතතා පරීක්ෂණයකට භාජනය වුනු යුරෝපා එකමුතුව (European Union-EU) විසින් අනුමත කරන ලද අහාර ආකලන වලට ලබා දී ඇති නිර්දේශ අංක තමා මේ E අංක කියන්නෙ. ඔයාල ගන්න කෘතීම අහාර ඇසුරුම් කරල තියෙන පැකට්ටුවේ ඇති “Ingredients” කියල කොටසක්. එතන දීල ඇති ඔය කියන E අංක. ඔය තිබෙන E අංකය එකට අදාල වෙනස් නොවන අංකයක්. එකම රසායන ද්‍රවය මොන අහාර වර්ගයට දැම්මත් එහි E අංකය වෙනස් වෙන් නෑ. එය එයටම අනන්‍ය වූ අංකයක් වනව. එමඟින් අපට හැකියාව පවතිනව කුමන අහාර අකලනයක් ආහාරයට යොදා ඇතිබවට හදුනා ගැනීමට.
සුලබ අහාර ආකලන (Common Food Additives)
- අහාර වර්ණක- E100-E199 සිමාව තුල ඇති E අංක වලින් අදහස් වන්නෙ එය වර්ණකයක් බවයි. අහාර වර්ණක බොහෝ වෙලාවට යොදා ගනු ලබන්නෙ ආහාරයට ඇති ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහායි. මේවා ස්වභාවික වන්නත් පුළුවන් කෘතීම වන්නත් පුළුවන්.
- අහාර පරිරක්ෂක- E 200-E299 සිමාව තුල ඇති E අංක වලින් අදහස් වන්නෙ එය පරිරක්ෂකයක් බවයි. අහාර පරිරක්ෂක යොදා ගන්නේ අහාර කලතබා ගැනීම සඳහායි.
- ප්‍රතිඔක්සිකාරක- E300-E399 සිමාව තුල ඇති E අංක වලින් අදහස් වන්නෙ එය ප්‍රතිඔක්සිකරකයක් බවයි. ඔක්සිකාරක ප්‍රතික්‍රියා මඟින් සිදුවන ආහාරයේ වර්ණ නැතිවීම් වැනි දේ වලින් සිදුවන ආහාරය පිරිහීම නැතහොත් එහි තත්වය බාල වීම වැලක්වීම සදහා ප්‍රතිඔක්සිකරක යොදා ගනී.
- තෛලෝදිකාරක, ස්ථායිකාරක, ගනකාරක- E400-E499 අතර E අංකයක් නම් එය මේවාට අයිති සංයෝගයකි. මෙවැනි දෑ ආහාරයට එකතු කරන්නේ ආහාරයේ බඳක් (body) සහ වයනයක් (texture) වෙන් වෙන්ව ඇතිවීම වැලක් වීම සඳහායි.
- රසකාරක- E600-E699 අතර E අංකයක් නම් එය කෘතීම රසකාරකයකි. මේව යොදාගන්නෙ මොකටද කියල කියන්න ඕනේ නෑ නෙ. MSG නැතහොත් අජිනමොටෝ වල E අංකය තම E621. බලන්නකො ඔබ ගන්න අහාර කීයක මේ අංකෙ තියෙනවද කියල.
- පැණිරසකාරක- E900-E999 අතර E අංකයක් නම් එය sweetener නැතහොත් පැණිරස කාරකයක් වනව. දියවැඩියාව තිබෙන පුද්ගලයෙක් නම් සැලකිලිමත් වෙන්න මෙම ද්‍රවය ඔබ ගන්නා ආහාරයේ අඩංගු දැයි කියා.සැකරින්-E954
කුඩා දරුවන්ට ලබා දීමේදී සැලකිලිමත් වියයුතු E අංක පිළිබඳව මා ඔබට තවත් ලිපියකින් ගෙන එන්නම්. එතෙක් රැඳී සිටින්න.
Friday, March 18, 2016
HIV/AIDS
Diterbitkan 11:44 AM
ඒඩ්ස් උවදුර (HIV/AIDS )
ලොවපුරා ඉතා කතාබහට ලක්වන නමුත් අප රට තුල වැඩි කතාබහක් නැති වුනත් අවදානමක් ඇති මාතෘකාවක් ලෙස HIV/AIDS නැතහොත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයෙන් සෑදෙන අත්පත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණ රෝගය දැක්විය හැකිය. මෙම සමාජ රෝගය අදවන විට ලෝකයට කොපමණ හිසරදයක්ද වී ඇත්ද කියනව නම් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලෝක ජනගහනයෙන්, මිලයන 39.9 ක් මිනිසුන් HIV වෛරසයට ගොදුරු වී තිබෙනව. ඉන් මිලියන 2.6 ක් අවුරුදු 15 ට අඩු දරුවන් වනව. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට අවුරුද්දක් තුල ලෝක ජනගහනයෙන් මිලියන 2ක් පමණ HIV වෛරසයට අලුතින් ගොදුරු වනව. ඉතින් ඔබට පෙනෙනවා ඇති HIV/AIDS පිලිබඳ අවබෝදයක් ලබා සිටීම අද වන විට අත්‍යවශ්‍යය කරුණක් වී ඇති බව.
HIV කියන්නෙ මොකක්ද?
HIV (Human Immunodeficiency Virus) කියන්නෙ මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයයි. ඉතින් මෙම වෛරසය වැලදීමත් සමඟ ප්‍රතිකාර නොකළහොත් වන්නෙ AIDS (අත්පත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණ) නම් රෝගී තත්වය වැළදීමයි. මෙම වෛරසය අනෙකුත් වෛරස වලට වඩා වෙනස් අන්දමින් තමයි ක්‍රියාකරන්නෙ. මනුෂ්‍ය දේහයට HIV වෛරසය අසාදනය වුවහොත් කිසිමදාක එය සම්පුර්ණයෙන්ම දේහයෙන් ඉවත් කිරීමට හැකියවක් ලැබෙන්නෙ නැත. ඉතින් ඔබට එය එක්වරක් වැළදුනොත්, ඔබට සිදුවෙනව ඔබගේ ජීවිතකාලය පුරාවටම ඔබගේ දේහය තුල එය රදවාගෙන සිටීමට.
HIV මඟින් ප්‍රහාරයට ලක්වන්නෙ දේහයේ ප්‍රතිශක්ති පද්ධතියයි, විශේෂයෙන්ම CD4 සෛලයි (T සෛල). එම සෛල දේහයේ ප්‍රතිශක්ති පද්ධතියට උපකාරී වනව ආසාදනයකදී ඊට එරෙහිව සටන් කිරීමට. වෛරස අසාධානයෙන් පසු දිගටම එම සෛල ප්‍රමාණය අඩුවීම සිදුවනවා. තවමත් HIV වෛරසයෙන් මිදීමට නිසි ප්‍රතිකාරයක් සොයාගැනීම ලෝකවාසීන්ට හැකියාවක් ලැබී නොමැත. නමුත් නිසිප්‍රතිකාර හමුවෙ හැකියාවක් පවතිනව එම වෛරසය පාලනය කිරීමට.
AIDS කියන්නෙ මොකක්ද?
AIDS (Acquired Immunodeficiency Syndrome) යනු HIV වෛරස ආසාදනයේ අවසාන අවධියයි. HIV වෛරසය වැළදීමෙන් පසු, රුධිර ඝණ මිලිමීටරයක T සෛල 200 ට වඩා අඩුවේ නම් දේහය AIDS රෝගයට ගොදුරු වී ඇත. සාමාන්‍යයෙන් නීරෝගී පුද්ගලයකුගේ T සෛල 500ත් 1600ත් අතර ප්‍රමාණයක් රුධිර ඝණ මිලිමීටරයක පවතිනව. AIDS රෝගය වැළදී ඇතිබව සොයාගෙන නමුත් ප්‍රතිකාර නොකර පුද්ගලයෙකුට ජිවත් වීමට හැකියාවක් පවතින්නේ උපරිම අවුරුදු 3ක් පමණය. නමුත් දරුනුලෙස රෝගය වැළදී තිබුනොත් එම කාලය අවුරුද්දකට පමණ සීමාවෙනවා. AIDS වැළදුනු පුද්ගලයකුට මරණයෙන් ගැලවීමට නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනව.
කොහෙන්ද HIV වෛරසය ආවේ?
විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙන අන්දමට මෙම වෛරසයේ මුලාශ්‍රය වන්නෙ මධ්යම අප්‍රිකාවේ ජිවත් වෙන චින්පන්චින් විශේෂයකි. ඔවුන්ගේ මතයට අනුව දැක්වෙන්නේ මිනිසුන් මෙම සත්වයන් දඩයම් කොට ඔවුන්ගේ මස් ආහාරයට ගැනීම තුලින් එම පුද්ගලයන්ගේ රුධිරයට මෙම HIV වෛරසය අසාධනය වන්නට ඇතිබවයි. අධ්‍යන වලට අනුව පෙනී යන්නෙ මෙම වෛරසය වඳුරන්ගෙන් මනුෂ්‍යන්ට පැමිණෙන්නට ඇත්තේ 1800 වකවානුවේ දී කියාය. දශක ගණනාවක් මෙම වෛරසය අප්‍රිකාව පුරාත් ඉන්පසුව ලෝකයේ අනෙක් පෙදෙස් වලටත් සෙමින් පැතිර ගොස් ඇත.
Friday, March 11, 2016
Cellphone Radiation
Diterbitkan 10:13 PM
Tags
ජංගම දුරකථන විකිරණයෙන් මිදෙන්න කරුණු 5ක්
අද වන විට ජංගම දුරකථනය පුදගලයින්ට නැතුවම බැරි මෙවලමක් වී හමාරය. එනම් ජංගම දුරකථනය අපගේ එදිනෙදා කටයුතු කරගෙන යෑමේදී අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත් වී ඇත. ශ්‍රී ලංකාව තුලත් අද වන විට ජංගම දුරකථනය ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වී ඇත. නවතම කරන ලද සමීක්ෂණ වලට අනුව පෙනී ගිය කරුණක් තමා ශ්‍රී ලංකාවේ ජීවත් වෙන බොහෝ පුද්ගයලන්ට ජංගම දුරකථන එකකට වඩා හිමි බවයි. ඒ තරමටම අපගේ දෛනික දින චර්යාව ජංගම දුරකථනය සමඟ බැදී ඇත.
නමුත් ජංගම දුරකතනයෙන් විකිරණ නිකුත් වෙන බව බොහෝ පුද්ගලයින් නොදන්නා කාරණාවකි. මෙම විකිරණ ප්‍රමාණය දේහයට අහිතකරද නැද්ද යන්න පිළිබඳව කාලයක් වාද විවාද පැවතුණු කරුණක් විය. නමුත් දැන් හෙළි වී තිබෙන කරුණු අනුව පෙනී යන්නේ මෙම විකිරණ ප්‍රමාණය දේහයට අහිතකර බවයි. ඔබ ජංගම දුරකථනයට නිරාවරණය ප්‍රමාණය ඉතා ඉහළ වීම අනුව ඉතා දරුණු රෝග වන ලියුකේමියා, තයිරොයිඩය ආශ්‍රිත පිළිකා, පෙනහළු පිළිකා, පියයුරු පිළිකා වැනි රෝග ඇතිවීමට සම්භාවිතාවක් පවතිනව. නමුත් අපට කිසිදාක කල නොහැක්කක් තමා ජංගම දුරකථනය භාවිතයෙන් ඉවත් කිරීම. ඉතින් මා මෙහි දක්වා ඇත්තේ ජංගම දුරකථනය භාවිතයේදී ඔබ ඉතා සැලකිලිමත් විය යුතු කරුණු 5කි.
නිතරම speaker එක හෝ headset එක භාවිතා කරන්න
දුරකථන සංවාදයක සිටින විට නිතරම උත්සහ කරන්න ඔබගේ කනට එක එල්ලේම දුරකථනය සම්බන්ධ වීම වැලක්වීමට. නිතරම උත්සහ කරන්න වයර් රහිත(wireless), වයර් තිබෙන(wired) headset එකක් භාවිතා කිරීමට call එකක් ගන්නකොට. නමුත් හොදින් සැලකිලිමත් වෙන්න එම උපකරණය call එකෙන් පසුව ඔබගේ කනෙන් ඉවත් කිරීමට. හැකි තරම් උත්සාහ කරන්න ඔබට පහසු නම් call එකක් ගැනීමට ජංගම දුරකතනයේ speaker (handfree) භාවිතා කිරීමට.
දේහයට ඈතින් රදවා තබන්න
smart phone කරලියට පැමිණීමත් සමඟ ජංගම දුරකථනයෙන් ක්‍රීඩාවන් කිරීමට බොහෝ තරුණ තරුණියන් හුරු වී තිබෙනව. මෙම කරුණ නිසා ඔවුන් දුරකථන සංවාදයක යෙදී නොසිටන අවස්ථාවේදී පවා ජංගම දුරකථනයට ඉතා සමීපව සිටිනව. මේ නිසා දුරකථනයෙන් පැමිණෙන විකරණ වලට ඔවුන් බොහෝ සෙයින් නිරාවරණය වනව. එබැවින් මෙම කාරණාව සලකාබලා ඔබට හැකි තාක් ඔබගේ දේහයට ඈතින් තිබෙන පරිදි ජංගම දුරකථනය රදවා තබන්න
.
කොට්ටය යට හෝ සාක්කුවේ රදවා තබන්න එපා
බොහෝදෙනා සිතනවා ඔබ ජංගම දුරකථනය භාවිතා නොකරණ විට විකරණ නිකුත් වන්නෙ නෑ කියල. නමුත් එය තවමත් වරින්වර සංඥා යවනව ලඟම තිබෙන දුරකථන සංඥා කණුවට, දුරකථන සමබන්දත්වය පවත්වා ගැනීමට. ඉතින් විකිරණ නිකුත් දිගින් දිගටම සිදු වීමට හැකියාවක් පවතිනව. ඔබට ඔබගේ ජංගම දුරකථනය ඔබගේ කොට්ටය යටින් තබා ගැනීමට අත්‍යවශ්‍ය නම් දුරකථනය ක්‍රියා විරහිත කිරීමට හෝ airplane mode යෙදීමට වග බලා ගන්න. airplane mode යෙදීමෙන් දුරකථනයේ සංඥා සම්ප්‍රේෂණය නවතිනව.
කෙටිපණිවිඩ වැඩියෙන් කතාව අඩුවෙන්
හැකි තරම් voice call ප්‍රමාණය අඩු කොට කෙටි පණිවිඩ යැවීම මඟින් සන්නිවේදනය කිරීමට උත්සහ කරන්න.
දුරකථන සංඥා වැඩි විට භාවිතා කරන්න
ඔබගේ දුරකථනයේ සංඥා කණු පෙන්වීම අඩු විට එය තදින් උත්සහ කරනව විකාශය වන සංඥා හසු කර ගැනිමට. නවතම සොයාගැනීම් අනුව පෙනී ගොස් තිබෙනව දුරකථන සංඥා අඩුවන විට දුරකථනයේ විකරණ නිකුත් වීම ඉහළ යන බව. එබැවින් හැකිතාක් උත්සහ කරන්න දුරකථන සංඥා වැඩි විට දුරකථනය භාවිතා කිරීමට.
Thursday, March 3, 2016
Happy Women
Diterbitkan 2:09 AM
කාන්තාවකගේ දේහයේ සංවේදීම ස්ථාන 10
ලිංගික සැබදියාවකදී ඕනෑම පුරුෂයකුට අවශ්‍ය වන්නෙ තම සහකාරියට උපරිම තෘප්තියක් ලබාදීමටයි. නමුත් බොහෝ දෙනාට නිසි අවබෝදයක් නෑ කොහොමද ඒ තත්වයට, තම සහකාරියව ලඟා කරගන්නෙ කියන දේ පිලිබදව. ඔබ දන්නවාද කාන්තාවකගෙ ශරීරයෙ මද ජනක(සංවේදී) ස්ථාන 10ක් තිබෙන බව. මෙම ස්ථාන ස්පර්ශ කිරීමෙන් හා උත්තේජනය කිරීමෙන් ඔබට හැකියාවක් පවතිනව ඇය හට උපරිම තෘප්තියක් ලබා දීමට.
මෙම ස්ථාන ස්නායු බහුල ස්ථාන නිසා තමා මෙතරම් සංවේදී වී ඇත්තෙ. ඉතින් ඔබ ලිංගිකව එකතුවිමේදී මෙම ස්ථාන සියුම් ලෙස ඇගිලි තුඩු වලින් පිරිමැදීමෙන්, සිපගැනීමෙන් ඇය මහත් සේ ඔබේ ග්‍රහණයට ලගා කරගනු හැක. එම ස්ථාන 10 මෙසේය, හිස, කණ (කන් වල පිටුපස ඉතාම සංවේදී ස්ථානයකි), දෙතොල්, බෙල්ල, ඇගේ තනපුඩු, ඇගෙ පිටේ යට ප්‍රදේශය, යටිබඩ, "Clitoris" භගමනිය (භගමනිය යනු ඉතා සංවේදී ස්ථානයකි. මොකද එතැන් ඉතා විශාල ස්නායු සංඛ්‍යයාවක් කුඩා ස්ථානයකට එකතු වෙන නිසාය. සමහර කාන්තාවන්ට මෙම ස්ථානය ඇගිලි වලින් පිරි මැදීම මදක් අපහසු විය හැකි. නමුත් මෙම ස්ථානය සියුම්ව සම්භාහනය කිරීමෙන් ඇයව ඉතා ඉහල තෘප්තියකට ගෙන යා හැකිය. අවුරුදු 18 ට වැඩි අය පමණක් ඉහත "clitoris" වචනය මත click කිරීමෙන් නිවැරදිව එම ස්ථානය හදුනා ගැනීමට අවශ්‍ය පින්තුරය නැරඹිය හැකිය), කලව ඇතුල් ප්‍රදේශය, ඇගේ දෙපා.
මෙම ප්‍රදේශ තමා කාන්තාවකගෙ දේහය ඉතාම සංවේදී ස්ථාන 10ය වන්නෙ. ඔබත් උත්සහ කරලම ඉතා හොද ප්‍රතිපල ලැබේවි නිසැකයෙන්ම.
Saturday, February 27, 2016
Lose weight with ice
Diterbitkan 1:45 AM
දේහයේ බර අයිස් වලින් අඩු කරගමු
ඔබ දන්නවාද ඔබ අයිස් ආහාරයට ගත් විට, අයිස් කියුබ් එකක් දහනය වීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණයට සමාන කැලරි ප්‍රමාණයක් දේහයේ දහනය වන බව. පුදුමයට පත්වෙන කරුණු වෙන්නෙ අයිස්, දේහයේ බර අඩු කිරීමට ඇති සුදුසුම ප්‍රධාන මෙවලමක් ලෙස යොදා ගැනීමට හැකි වීමයි.
විද්‍යාත්මක පරීක්‍ෂණ වලින් පෙන්වා දෙන කරුණ වන්නෙ අයිස් දේහයට ගැනීම තුලින් අපගේ දේහයේ මුලික පරිවෘතීය වේගය ඉහළ යන බවයි. මෙය සිදුවන්නෙ,ඔබ අයිස් ආහාරයට ගත්විට, ඔබගේ දේහයේ කැලරි දහනය වීම මෙන්ම හොඳ කැලරි දහනය වීම කියන ක්‍රියාවලි දෙකම ඔබට ලැබෙන නිසායි. ශීත කරන ලද ආහාර දේහයට ගත්විටද අපගේ දේහය එම ආහාර ජීරණය කිරීමේදී දේහ උෂ්ණත්වයට එම ආහාර ගැනීමට අපගේ දේහයේම ශක්තිය භාවිතා කරනව. ඉතින් ඔබ අයිස් ලීටරයක පමණ අයිස් පරිබෝජනය කළහොත් ඔබගේ දේහයේ කැලරි 160ක් පමණ දහනය වනව. මෙම කැලරි ප්‍රමාණය ප්‍රමාණය සමාන වනව ඔබ ඉතා මහන්සියෙන් සැතපුම් 1ක් දිවීමෙන් දහනය වන කැලරි ප්‍රමාණයට.
ඔබට දැන් ගැටළුවක් ඇතිවෙන්න පුළුවන් අයිස් ලීටර් 1ක් දිනකට ගැනීම සෞඛ්‍යයට හිතකරද කියල? බිය වෙන්න එපා දිනකට අයිස් ලීටර් 1ක් ගැනීම ඔබගේ සෞඛ්‍යයට අහිතකර වෙන්නෙ නෑ. නමුත් එම ප්‍රමාණය ඉක්මවා යෑම ඔබගේ සෞඛ්‍යයට අහිතකරයි. ඉතා අධික ලෙස අයිස් ඔබගේ දේහයට ලබාගත හොත් ඔබගේ දේහයේ සමහර අවයව නිසියාකාරව ක්‍රියා කිරීම සිදු වන්නෙ නැතිවෙනව, දේහයේ උෂ්ණත්වය ගොඩක් පහල වැටිම හේතුවෙන්. ඒ වගේම කුඩා දරුවන් අයිස් භාවිතා කිරීමේදී ඔවුන්ගේ දේහ බරට අනුව අයිස් භාවිතා කල යුතු වෙනව. නැතහොත් එය ඔවුන්ගෙ මොලයට බලපෑම් ඇතිකළ හැකි වෙනව. බිය වෙන්න එපා ඉහත කරනා දුටු ගමන්, එවැනි දේ සිදු වන්නේ ඔබ ඉතා ඉක්මනින් බර අඩු කරගන්න කියල ඉතා විශාල අයිස් ප්‍රමානයක් දේහයට ගතහොත් පමණයි. ඒ වගේම කුඩා දරුවන්ගේ දේහය ගොඩක් සංවේදී බැවින් මෙවැනි ක්‍රම යෝග්‍යය වන්නේත් නෑ ඔවුන්ට. නිසියාකාරව මෙය සිදු කළහොත් ඔබට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවෙන බව ස්ථිරයි.
Subscribe to:
Posts (Atom)